රත්තරන් පත්‍රය සැකසීම පිළිබඳ විස්තර
මුදුන් ලීයේ දෝෂය ඉවත් කිරීම සඳහා රත්තරන් පත්‍රය සැකසීම සඳහා, මුදුන් ලීයේ ඝනකම (සාමාන්‍යයෙන් මෙය අඟල් දෙකක් පමණ වනු ඇත) මැන, එම මිම්ම හා සමාන පළලකින්ද, එම මිම්ම තුන් ගුණයක් සමාන ලෙසකින් දිගකින්ද වන ලෙස රත්තරන් පත්‍රය සැකසිය යුතුයි. (උදාහරණයක් ලෙස මුදුන්ලීය ඝනකම අගල් දෙක නම්, රත්තරන් පත්‍රයේ පළල අඟල් දෙකක් වන අතර දිග අගල් හයක් වනු ඇත.) ඉන්පසුව මෙම පත්‍රය සමාන සමචතුරස්‍ර කොටස් තුනක් එන ලෙස තුනට නමාගන්න. (උදාහරණය අනුව අඟල් දෙක වැඩි කිරීම දෙකක් කොටු තුනක් ලැබෙනු ඇත.) මෙය ඉංග්‍රීසි යූ අකුරේ හැඩයට සකසා ගන්න. එය මුදුන්ලීයේ හරි මැදින් ඉහළ පැත්තෙන් යොමු කොට සවිකල යුතුයි. එවිට සමචතුරස්‍ර කොටස් එකක් ඉහළ පැත්තෙන් හා දෙපසින් පිහිටන ආකාරයට යොමු කළ යුතුයි . රැඳවීම සඳහා කුඩා පිත්තල ඇන හතරක් භාවිතා කිරීම සෑහේ.