රත්තරන් පත්‍රය සැකසීම පිළිබඳ විස්තර
මෙය ඉතා වැදගත් වාස්තු විද්‍යාත්මක පිළිවෙතක් වන අතර, එය නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට සමෘද්ධිය, වාසනාව සහ දිගුකාලීන ආරක්ෂාව ගෙන එයි.
රත්තරන් පත්‍රය තැන්පත් කිරීමේ පියවර
මිනුම් ගැනීම
මුදුන් ලීයේ ඝනකම (සාමාන්‍යයෙන් මෙය අඟල් දෙකක් පමණ වනු ඇත) මැන, එම මිම්ම හා සමාන පළලකින්ද, එම මිම්ම තුන් ගුණයක් සමාන ලෙසකින් දිගකින්ද වන ලෙස රත්තරන් පත්‍රය සැකසිය යුතුයි. (උදාහරණයක් ලෙස මුදුන්ලීය ඝනකම අගල් දෙක නම්, රත්තරන් පත්‍රයේ පළල අඟල් දෙකක් වන අතර දිග අගල් හයක් වනු ඇත.)
පත්‍රය සැකසීම
ඉන්පසුව මෙම පත්‍රය සමාන සමචතුරස්‍ර කොටස් තුනක් එන ලෙස තුනට නමාගන්න. (උදාහරණය අනුව අඟල් දෙක වැඩි කිරීම දෙකක් කොටු තුනක් ලැබෙනු ඇත.) මෙය ඉංග්‍රීසි යූ අකුරේ හැඩයට සකසා ගන්න.
පත්‍රය තැන්පත් කිරීම
එය මුදුන්ලීයේ හරි මැදින් ඉහළ පැත්තෙන් යොමු කොට සවිකල යුතුයි. එවිට සමචතුරස්‍ර කොටස් එකක් ඉහළ පැත්තෙන් හා දෙපසින් පිහිටන ආකාරයට යොමු කළ යුතුයි . රැඳවීම සඳහා කුඩා පිත්තල ඇන හතරක් භාවිතා කිරීම සෑහේ.
මෙවැනි වාස්තු විද්‍යාත්මක පිළිවෙත් සහ සේවාවන් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්, අදම අප අමතන්න!